ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දික්වේ

120

ඊශ්‍රායාලය හා හමාස් සංවිධානය අතර පවතින සටන් විරාමය ඊයේ (30දා) දිනය දක්වා දිනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය විසින්ම එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මේ අතර ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දීර්ඝ කෙරෙන විට ඊයේ උදෑසන ඊශ්‍රායලයේ යෙරුසෙලමේ පිහිටි බස් නැවතුම්පළක දැඩි තදබදයක් තිබූ අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් හයදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. මෙම වෙඩි තැබීම සිදු වූයේ කුමන කණ්ඩායම් අතරද යන්න හෙළි වී නොමැති අතර වෙඩි තැබූ පුද්ගලයන් දෙදෙනා වෙඩි තබා මරා දැමීමට පොලිසිය හා සිව්ල් වැසියකු විසින් පියවර ගෙන තිබේ.

මේ අතර දීර්ඝ කරන ලද සටන් විරාමය යටතේ පෙරේදා (29) දිනයේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් 10 දෙනකු තායි ජාතික ප්‍රාණ ඇපකරුවන් 04 දෙනකු ඇතුළු 14 දෙනකු නිදහස් කර තිබූ අතර ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 30 දෙනකු නිදහස් කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment