තෙවැනි වාරය ආරම්භයේදී පාසල් වලට සිසුන් ගන්නේ නැහැලු

372


2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම මෙම වසරේ තුන් වන වාරය ආරම්භ වන 2022.12.05 දින සිට සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසු පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත් සලකා බැලීමෙන් බවද සඳහන් කරයි.

2022 අපොස සා.පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින් විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම යොමු කිරීම සිදු කළ යුතු අතර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කිරීම සිදු නොකළ යුතු බවද දැනුම් දී සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment