අපි දැඩි කනස්සල්ලෙන් එක්සත් ජාතීන්ට කාදිනල්තුමා කියති

90

පාස්කු ප්‍රහාරය සහ උතුරු නැගෙනහිර සිදුවූ ඇතැම් ම්ලේච්ඡ ප්‍රහාරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විනිවිදභාවයෙන් යුතු ස්වාධීන පරීක්‍ෂණ සිදු නොකිරීම පිළිබඳ දැඩි කනස්සල්ලෙන් පසුවන බව මැල්කම් රංජිත් කාදිනල්තුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 55 වැනි වාරයේදී ප්‍රකාශ කර ඇත.

එම කොමිසමේ පොදු විවාදය සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් කාදිනල්තුමා මේ බව පවසා තිබේ.

ඉහත ප්‍රහාරයන් සම්බන්ධයෙන් සියලුම සත්‍යය තොරතුරු පවා අනාවරණය කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රියා නොකළ බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන විධිමත්ව සිදුකරන ලෙස කළ ඉල්ලීම් ද දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කළ බවත් කාදිනල්තුමා එහිදී පවසා ඇත.

එලෙස එම සිද්ධි සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා හඬනගන අයට සිරදඬුවම් දීර්ඝ කිරීමත් සමග මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබෙන බවත්,එබැවින් සාධාරණ විමර්ශන සිදු කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවත් කාදිනල්තුමා මානව හිමිකම් කවුන්සිලයට යෝජනා කර තිබේ.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment