ජනතාව පාරට

158

ආණ්ඩුව විවිධ උපක්‍රම යොදමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ක්‍රියා කළහොත් ජනතාව ඡන්ද අයිතිය ඉල්ලා මහපාරට පැමිණීම නොවැළැක්විය හැකි කටයුත්තක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට අදහස් දක්වමින් කියා සිටියේය.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම අංක එකේ කටයුත්තක් සේ සලකන බවත් ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගන්නා බවත් හෙතෙම කීය.

ජනතා අප්‍රසාදයට ලක්ව ඇති ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා විවිධ උපක්‍රම යොදමින් සිටින බවත් ජයතිස්ස මහතා සඳහන් කළේය.

ඡන්දය කල් දැම්මොත් ඊට එරෙහිව එසේ පැමිණෙන ජනතාවට නායකත්වය දීමට ජාතික ජන බලවේගය අනිවාර්යයෙන්ම ක්‍රියා කරන බවත් නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment