අඟහරුවාදා සෞඛ්‍ය හෙල්ලේ

5193

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අත්තනෝමතිකව වැඩ කරන බවත් නමුත් ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීම නිසා ලබන 12 වැනිදා අඟහරුවාදා රට පුරා සියලු රෝහල් ඉදිරිපිටදී විරෝධතාවයේ නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බවත් එම සන්ධානය කියයි.

මෙම ගැටලුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශ්වය තමන්ගේ වගකීම පැහැර හැර ඇති බවත් ඒ හේතුවෙන් පොලිසියට රෝහල් කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වීමට අවස්ථාවක් ලබාදී ඇති බවත්, එය එසේ සිදු නොකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්ශ්වයෙන් ගත යුතු පරිපාලනමය තීන්දු කඩිනමින් ගත යුතුව ඇති බවත් එම සන්ධානය සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment