පෙට්‍රල් අවසන් බව පැවසීමත් සමග පිරවුම්හල යුද පිටියක් වෙයි

350

උද්ඝෝෂකයෝ බදුල්ල – මහියංගණ පාරත් වසති

බදුල්ල, කයිලගොඩ ඉන්ධන පිරවුම්හලට එක්වූ විශාල පිරිසක් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් ඉන්ධන හල හා අවට ප්‍රදේශය යුද පිටියක සිරි ගත්තේය.

පෙට්‍රල් අවසන් බව පැවසීමත් සමග පිරවුම්හල යුද පිටියක් වෙයි

ඉන්ධන බෙදාහැරීමේ දී මතු වූ ගැටලුවක් සිද්ධියට හේතු විය. දිවා කාලයේදී පෙට්‍රල් තොගයක් රැගත් බවුසරයක් පැමිණීමත් සමගින් ඉන්ධන ලබා ගැනීමට විශාල ජනතාවක් දිගු පෝළිමක රැඳී සිටියහ.

එහිදී පෝළිම්වල රැඳී සිටි බොහෝ පිරිසකට ඉන්ධන ලබා දීමෙන් අනතුරුව පිරවුම්හලේ සේවකයන් ඉන්ධන අවසන් බව පැවසීමත් සමග ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටි පිරිස් කුපිතව සඟවා ඇති ඉන්ධන ලබාදෙන ලෙසට ඉල්ලා උද්ඝෝෂණයක් ආරම්භ කළහ.

පෙට්‍රල් අවසන් බව පැවසීමත් සමග පිරවුම්හල යුද පිටියක් වෙයි

පැය පහකට ආසන්න කාලයක් තිස්සේ පැවති උද්ඝෝෂණයෙන් පිරවුම්හල් සේවකයන්ටද ඉන් පිටතට පැමිණීමට නොහැකි විය. සිද්ධිය සමථයට පත් කිරීමට පොලිසිය පැමිණියත් ඔවුන් හා උද්ඝෝෂකයන් අතරද දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

පිරිස පසුව බදුල්ල මහියංගණ මාර්ගය අවහිර කිරීමත් සමග හමුදා භට පිරිස්ද එම ස්ථානයට කැඳවූහ.

පසුව පිරවුම්හලේ කළමනාකාරීත්වය සමගින් පොලිසිය කරන ලද සාකච්ඡාවකින් අනතුරුව අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙන්කර තිබුණු ඉන්ධන උද්ඝෝෂකයන්ට ලබාදීමට පොලිසිය කටයුතු කරනු ලැබීය.

කන්දකැටිය – ජී. චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment