පාසල් වාර 3 ට වැඩ පොත කොටස් තුනකින්

146

ඉදිරියේදී එක් පාසල් වාරයක් සඳහා එක් වැඩ පොතක් ලෙස වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුක්තව සිසුන්ට ලබාදෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පාසල් සිසුන්ගේ පොත් බෑගයේ අධික බර අඩු කිරීම මෙමගින් අපේක්ෂා කරන බව ද ලබන වසරේ (2024) සිට පළමු වසරෙන් ආරම්භ වී සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩුකර වසරකට එක විභාගයක් පවත්වන බවද ඇමැතිවරයා කියා සිටී.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment