පොලිස් අධිකාරිගේ නිවසට මහ දවල් හොරු පැනලා!

481

දැනටමත් රාජකාරියේ නියුතු පොලිස් අධිකාරි වරයෙකු පදිංචි පානදුර ප්‍රදේශයේ නිවසකට මහ දවාලේ ඇතුළු වී එහි තිබූ රන් භාණ්ඩ තොගයක් සොරකම් කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර දකුණ පොලිසිය පවසයි. නිවසේ සාලයේ ජනේලය උල් ආයුධයකින් කඩා ඇතුළු වී නිවසේ තිබූ රන් අත් පළඳනාවක් සහ රන් මුදුවක් සොරකම් කර ඇති බවට දැනට හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරයි. පෙරේදා (28 දා) දිවා කාලයේ අදාළ පොලිස් අධිකාරිවරයා සහ නිවසේ කිසිවකු නොසිටි අවස්ථාවේ මෙම සිද්ධිය සිදුවී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පොලිසිය පවසයි. ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශන අනුව සැකකකරුවන් සොයා මෙහෙයුම් සිදු කරන බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය. පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන පො.ප. චාමින්ද පින්තු මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප. ගයාන් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම සහ පානදුර – දීපිකා කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment