සුජය, BOC රන් කැකුළු, කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ දෙකක් බදුල්ල සේරාණ ප්‍රාථමික විද්‍යාලයේ හා හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයේදී

51

සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 2023 වර්ෂයේ විසිවැනි හා විසිඑක්වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ ජුලි 14 වැනි සිකුරාදා (අද) දින බදුල්ල සේරාණ ප්‍රාථමික විද්‍යාලයේ හා ජුලි 15 වැනි සෙනසුරාදා හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතය.

අනාගතයට අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණය සඳහා BOC රන් කැකුළු සහ සිලෝන් චොක්ලට් කැන්ඩොස් අනුග්‍රාහක දායකත්වය ලබාදෙයි.

ජුලි මස 15 වැනි සෙනසුරාදා හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වීමට නියමිත සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට බදුල්ල අධ්‍යාපන කලාපයේ ආරාධිත පාසල් රැසකම දරු දැරියන් සහභාගි

වීමට නියමිතය. BOC රන් කැකුළු පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සහ සිලෝන් චොක්ලට් කැන්ඩොස් සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙන මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ ද්විත්වයේ දේශන මෙහෙයවීම ශාන්ත ප්‍රැන්සිස් මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්. ඩී. කුවින්ටස් පෝල් මහතා සහ කැලණිය අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක එච්. ඩී. එන්. එන්. දේශප්‍රිය මහතා විසින් මෙහෙයවනු ලබති. ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන දෙමාපියන් දැනුවත් කිරීමේ දේශනය ද ඉහත දේශකවරුන් විසින් මෙහෙයවනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment