රොෂාන් පොහොට්ටුව එක්ක ඇයි හොඳයියක් නෑ

2370

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තවදුරටත් කටයුතු නොකරන බවට රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා 2022 මාර්තු මාසයේදී ප්‍රකාශ කළ නිසා එම මන්ත්‍රීවරයා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී නොසිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය.

ඉන් අනතුරුව ද රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා 2023 මැයි දිනය පොළොන්නරුවේදී වෙනම සැමරූ බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ද තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු නොකරන බව යළිත් ප්‍රකාශ කළ බවත් පැවසූ මහ ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශකර සිටියේ එම හේතු සාධකයන් නිසා මේ වනවිට රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායක ධුරයෙන් සහ සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇති බවයි.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙන්ම ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා විසින් පත්කළ අතුරු පාලක මණ්ඩලය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නොපිළිගන්නා බවයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment