ශුද්ධ වූ ලියවිල්ල පරිදි, යම් දිනක සියල්ල හෙළිවනු ඇත

93

භෞතිස්ම තුළ සියලු දෙනා ක්‍රිස්තු ශ්‍රාවකයන් වන බවත්, වරප්‍රසාදවලට මුවා වී කිතුනු විශ්වාසය ප්‍රතික්ෂේප නොකළ අය වෙත උන්වහන්සේගේ ප්‍රේමය තුළ සාක්ෂියක් ලබාදී ඇත. බලය අභිබවා යන ලොකු පිළිවෙත පරිදි විශේෂයෙන් ශ්‍රී ලාංකීය කතෝලික සභාව පාස්කු ඉරුදින සිදුවීම සම්බන්ධව සාධාරණත්වයක් ඉල්ලමින් සැමවිටම ඉදිරිපත් වන බවත්, මේ වනවිට ඇතැම් කරුණු අනාවරණය වෙමින් පවතී. ඒ කිසිදිනක සත්‍යය යටපත් කිරීමට නොහැකි බව පෙන්වමිනි. ශුද්ධ ලියවිල්ලේ ප්‍රකාශනය පරිදි යම් දිනක සියල්ල හෙළි වනු ඇත. ක්‍රිස්තුන් වහන්සේගේ සාක්ෂිය පෙරදැරි කර ගනිමින් ප්‍රේමයෙන් විශ්වාසය තුළ දෙවිඳුන් යදින් ලෙස රදගුරු සමුළුවේ සභාපති හා ඇතුගල්පුර රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණෝ කිතුණු විශ්වාසිකයින් ගෙන් ඉල්ලා සිටියහ.

වැල්ලව මීසමට අයත් හිරිපිටිය ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ 75 වන ජුබිලි මංගල්ලෙ දේව මෙහෙයට එක්වෙමින් රදගුරු හිමි එලෙස පවසා සිටියහ.

එහෙම පාසල් පවරා ගැනීමත් සමග අපි සතුව තිබූ විවිධ වරප්‍රසාද ක්‍රමයෙන් හීන වෙමින් පවතින බවත්, අධ්‍යාපන ශ්‍රේෂ්ඨ රට සම්බන්ධ නිලධාරීන් මේවා නොසලකමින් කටයුතු කිරීම කනගාටුදායකයි. මෙම ප්‍රදේශයෙන් දරුවන්ට පාසල තුළ ආගම ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැති බවත් එම පුරප්පාඩු පිරවීමට කටයුතු කර නොමැති බව පැවසූහ. එබැවින් කිතුනු දරුවන් බොහෝ අපහසුතාවට පත්ව ඇත. මෙවන් සමාජ පසුබිමක් තුළ දෙමාපියන් ලෙස අප සතු ඇදහිල්ලේ විශ්වාසය දරුවන්ට ලබාදීම 75 වසරක අභිමානය සමරන කිතුනු පවුලක් ලෙස යුගයේ අවශ්‍යතාවය බව වැඩිදුරටත් පැවසූහ.

හරවත් නුවාන මාලාවක් තුළින් කිතුනු ජනතාව ආධ්‍යාත්මිකව සූදානම් කිරීමෙන් පසු මිසක් ජනතාවගේ ආරාධනයෙන් මෙහි පැමිණි ඇතුල්පුර රදගුරු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජුබිලි මංගල්‍යය දේව මෙහෙය පැවැත්විණි.

මංගල්‍ය කටයුතු වැල්ලව මීසම් සේවක උපුල් සිල්වා පියතුමාගේ මඟපෙන්වීම හා කැපවීම හමුවේ මීසම් සභාව හා එක්ව සංවිධානය කළ අතර මේ අවස්ථාවට පියතුමන්ලා සමගින් පැවිදි සොයුරියන් ද එක් විය. දේව මෙහෙයෙන් අනතුරුව සිසිල් පැන් දන්සල ද පැවැත්විය.

● චින්තක ද මැල්

ශුද්ධ වූ ලියවිල්ල පරිදි, යම් දිනක සියල්ල හෙළිවනු ඇත

advertistmentadvertistment
advertistmentadvertistment