කලින් කලට සමාජ මාධ්‍ය හරහා විවිධ චරිත ජනප්‍රිය වෙනවා. එහෙම ජනප්‍රියතාවයට පත්වුණු දරුවෙක් තමයි මිනුක සංයුරු කියන්නේ. “මේක බොන්න ඕන ප්‍රශ්නයක් කියලා” තමයි මිනුක ලංකාවේ එක රැයකින් පැය ගණනකින් ජනප්‍රිය වෙන්න තරම් වාසනාවන්ත වුණේ. කලුතර ඉපිද දැනට ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන මිනුකගේ මේ කතාව මොකද්ද කියලා අපි බලමු.
මම මීට කලිනුත් ගොඩක් දේවල් අත්හදා බලලා පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් ඒවා හරි ගිහිල්ලා නැහැ. මේ වැඩේ මම කරන්නෙ මාර්තු මාසයේ. ඒක නම් හරි ගියා ඒ නිසා ගොඩක් සතුටුයි. මෙහෙමනේ ඕනම දෙයක විද්‍යාත්මක පැති දෙකක් තියෙනවනේ. දැන් ගත්තොත් “ගස් අපිව වගා කරන්නත් පුළුවන්”” අපි ගස් වගා කරන්නත් පුළුවන්”. ඒ වගේ ඕනම දෙයක හේතු දෙකක් තියෙනවා. ඉතිං මුලින්ම ටික්ටොක් හරහා තමයි මම වීඩියෝව දැම්මේ. ඊට පස්සේ මුහුණු පොත හරහාත් පළ කළා. ෆලවස්ලා 100ක් හිටපු එක මේ වෙනකොට 50”000ක් වෙලා තියෙනවා. ඉතිං ඒ ගැන හරිම සතුටුයි. මට ගොඩක් අදහස් තියෙනවා හැබැයි ලබන අවුරුද්දේ උසස් පෙළ විභාගය තියෙන නිසා ඒවා වීඩියෝ කරන්න වෙලාවක් නැති එක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ.
මට එහෙම කිසිම තේරුමක් තිබුණේ නැහැ එහෙම මියුසික් වීඩියෝවක් දාන්න ඕනෙයි කියලා. කට්ටිය කියනකම්ම මට තේරුමක් තිබුණෙත් නැහැ කටහඬ මෙච්චර ලොකුවට ජනප්‍රිය වෙයි කියලා. ඊට පස්සෙ තමයි මටත් තේරුණේ කටහඬ ගැඹුරුයි නේද කියලා. වැඩියෙන්ම වයිරල් වුණේ “කැමරාවේ ලෙන්ස් එක රවුම් නම් ෆොටෝස් කොටු වුණේ කොහොමද? මේක බොන්න ඕන ප්‍රශ්නයක්” කියලා අහපු වීඩියෝවයි. සමාජ මාධ්‍ය වල හැමෝම මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ තියෙන ප්‍රශ්න මදිවටද ඔයා තවත් ප්‍රශ්න දාන්නෙ කියලා. මීට කලිනුත් මම විවිධ අංශ වලින් යුටියුබ් චැනල් පටන් ගත්තා මගේ යාළුවොත් එක්ක එකතුවෙලා. හැබැයි මේ වෙනකොට ඒ එකක්වත් නැහැ. ඊට පස්සෙ මම හිතුවා කාටවත්ම නොකියා හිමින් සීරුවේ පොඩියට ටික්ටොක් ගිණුමක් හදා ගන්න ඕනෙ කියලා. ඊට පස්සේ තමයි මම ප්‍රශ්න විතරක් අහලා වැඩක් නැහැ ඒත් එක්කම “මේක බොන්න ඕන ප්‍රශ්නයක්” කියලත් අහලා වීඩියෝ එක අවසන් කරන්න ඕනේ කියලා හිතුවේ.
ඒත් එක්ක සමහරු කියලා තිබුණා දැන්නම් බීලාම ඇති වෙලාත් කියලා. ඉතිං මම හිතන්නේ අපි දිගටම හරියට වීඩියෝ කරගෙන ගියොත් වෙනස් වෙන්නෙ නැතුව ප්‍රසිද්ධිය අඩුවෙන එකක් නැහැ කියලා. ඉතිං කොහොමහරි අමාරුවෙන් වුණත් මම වීඩියෝ කරගෙන මේ ගමන යනවා වගේම අධ්‍යාපනය පැත්තෙනුත් ඉහළටම ගිහිල්ලා ගුවන් නියමුවෙක් වෙන්න තමයි මගේ කැමැත්ත තියෙන්නෙ.
පාරමී කෞෂිකා