‘හෙට දින නවෝත්පාදකයින් සවිබල ගැන්වීම’ වැඩසටහන දියත් කරමින් ඩිජිටල් ආර්ථිකයක් වෙනුවෙන් මහජන බැංකුව යොවුන් පරපුර සවිබල ගන්වයි

97

ශ්‍රී ලංකිය ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව, මෙරට ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් යොවුන් පරපුර ඩිජිටල් තාක්ෂණ දැනුමෙන් හා කුසලතාවන්ගෙන් සන්නද්ධ කිරීමේ වැදගත්කම මැනවින් හඳුනාගෙන ඇත. ඒ අනුව මහජන බැංකුව අනාගත පරපුර තොරතුරු තාක්ෂණික දැනුමින් බලගැන්වීමට සිය සුවිශේෂ සමාජ සත්කාරක මෙහෙවරක් ලෙසින් ‘හෙට දින නවෝත්පාදකයින් සවිබල ගැන්වීම : යොවුන් තාක්ෂණික නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය, සර්වෝදය ෆියුෂන් සමඟ එක්ව ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත.

මෙහි සමාරම්භක උත්සවය කොළඹ 05, මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයේදී මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, සර්වෝදය ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වින්යා ආරියරත්න මහත්වරුන්ගේ සහ සර්වෝදය ෆියුෂන් සාමාන්‍යාධිකාරිනි මෛත්‍රි මල්වත්තේගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩසටහනට මූල්‍ය පහසුකම් පිරිනමන මහජන බැංකුව, එමගින් මාහැඟි සමාජ සත්කාර්ය‍යක නියැලෙන අතර, ශ්‍රී ලංකාව තුළ ධනාත්මක වෙනස්කම් ඇති කරමින්, අනාගත පරපුර තොරතුරු තාක්ෂණ දැනුමින් සන්නද්ධ කිරීමට අවශ්‍ය සවිබලය ලබාදෙයි. මෙම වැඩසටහන මඟින් පරිගණක විද්‍යා ඩිප්ලෝමාව (DICS) පිරිනමන අතර, මෙහි මූලික අරමුණු වන්නේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම තුළින්, ඩිජිටල් නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය වර්ධනය කිරිමයි.

advertistmentadvertistment
advertistmentadvertistment