SLT-MOBITELPEOTV වෙතින් නාලිකා අංක 130 ඔස්සේ Industry TV නාලිකාව නැරඹීමේ අවස්ථාව

123
කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, SLT විශන්කොම් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුචිර වීරකෝන් සහ සහකාර කළමනාකරු - දේශීය අන්තර්ගත කටයුතු, බුද්ධි විජේරත්න යන මහත්වරුන් ‘Industry TV‘ නාලිකාව ජනගත කිරීමේ අවස්ථාවට එක් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ..

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම Internet Protocol Television (IPTV) සේවා සම්පාදකයා වන SLT-MOBITEL PEOTV වෙතින් දැන් නාලිකා අංක 130 ඔස්සේ “Industry TV” නාලිකාව නැරඹීමේ අවස්ථාව සලසාදී තිබේ.

Industry TV නාලිකාව යනු කර්මාන්ත සඳහාම වෙන්වූ ප්‍රථම රූපවාහිනී නාලිකාව වන අතර එය කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ලෝක රූපවාහිනී දිනයේදී ජනගත කරන ලදී.

PEOTV නාලිකා අංක 130 ඔස්සේ, විකාශය වන Industry TV නාලිකාව ”‍ඔබේ ජයග්‍රහණයේ රේඛාව”‍ (Your Winning Line) යන තේමාව යටතේ ක්‍රියාත්මක වන අතර, කර්මාන්ත ක්ෂේත්‍රය මුල් කරගත් Industry News” කර්මාන්ත කතා, වැඩබිම් රසෝඝය, Plus Mind, Help Desk, ව්‍යවසායකත්ව රජදරුවෝ, Industrial Zone, Money Talk, I Book, Brands, Investor Pool, Metal World, Tea Life, Plantation World, Travel Bazar, ව්‍යාපාරික ශක්ති, Business Clinic, Industry Frame ආදී විවිධ වැඩසටහන් රාශියක් නැරඹීමේ අවකාශය PEOTV පාරිභෝගිකයන්ට උදාකර දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment