Hitflix මගින් ලෝ ප්‍රකට සේවා හරහා ශ්‍රී ලාංකික රූපවාහිනී වැඩසටහන් නැරඹීමේ අවස්ථාව

32

ජාතික තොරතුරු හා සන්නිවේගදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL නව පියවරක් තබමින් HitFlix නමින් නවතම නාලිකාවක් හඳුන්වාදී තිබේ.

ශ්‍රී ලාංකික නාලිකාවක්වන මෙය මින් ඉදිරියට සුප්‍රකට ජාත්‍යන්තර Over-the-Top (OTT) සේවා හරහා නැරඹීමට හැකි වනු ඇත.

විවිධ කාණ්ඩවලට අයත් ආකර්ෂණීය රූපවාහිනී වැඩසටහන් HitFlix මගින් විකාශය කිරීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි. මෙමගින් Apple TV Plus” Fire TV” iOS” Android සහ ROKU TV වැනි සේවා ඔස්සේ ශ්‍රී ලාංකික වැඩසටහන් නැරඹීමට ලොව පුරා වෙසෙන ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

තවද මෙමගින් ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම උපන් බිමේ සංස්කෘතිය හා සම්ප්‍රදාය මූලික කරගත් රූපවාහිනී වැඩසටහන් නැරඹීමට අවස්ථාව සලසන අතරම, අතිශයින්ම ශ්‍රී ලාංකික අත්දැකීමක් තුළින් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගැනීම මෙම පුරෝගාමී ව්‍යාපෘතියෙහි මූලික අරමුණ වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment