ලංකා බැංකුව විසින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන ‘ නැණ ජය ‘ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනෙහි 2021 වසරේ අ.පො.ස. උසස් පෙළ ඉහළින් සමත් වූ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම පසුගියදා උත්සවාකාරයෙන් දිවයින පුරා සිදු කෙරිණි.

ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, වාණිජ, කලා, ජෛව පද්ධති තාක්‍ෂණය සහ ඉංජිනේරු තාක්‍ෂණවේදය යන ප්‍රධාන විෂය ධාරා 06 ඔස්සේ අ. පො. ස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසු සිසුවියෝ 330 ක් මෙම උතසවයේ දී ශිෂ්‍යත්ව ලැබූහ.

ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සඳහා සියලු‍ම පළාත් නියෝජනය කරන ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාරවරු සහ නිලධාරීහු මෙන් ම ශිෂ්‍යත්ව සම්මානලාභීන්ගේ දෙමාපියෝ, අදාළ පාසල්වල විදුහල්පතිවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

‘BOC නැණ ජය‘ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් 2003 වසරේ සිට මේ දක්වා උසස් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 2580 කට, රුපියල් මිලියන 90 කට අධික වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ලබා දීමට ලංකා බැංකුව කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment