කැනඩා පාර්ලිමේන්තුව මැයි 18 දෙමළ ජනසංහාර  දිනය ලෙස සම්මත කරගනී

322

එල්ටීටීඊයට එරෙහිව සටන් වැදුණු මෙරට හමුදා සියලු රටවැසියන්ට සහ ශ්‍රී ලංකාවට නිදහස උරුම කර දුන් මැයි 18 දිනය කැනඩා පාර්ලිමේන්තුව විසින් දෙමළ ජනසංහාර දිනය ලෙසට පිළිගනිමින් ඒ සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් ඒකමතිකව සම්මත කර තිබේ. මෙම යෝජනාව පෙරේදා (18 වැනිදා) කැනඩා පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇති අතර ඒ අනුව මැයි 18 දෙමළ ජනසංහාර අනුස්මරණ දිනය ලෙස පිළිගත් දැනට ලොව ඇති එකම සහ ප්‍රථම රාජ්‍යය බවට කැනඩාව වේ. කැනඩාව ඇතුළු ලොව පුරා විසිරී සිටින කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ සහ කැනඩාවේ වෙසෙන දෙමළ සම්භවයක් ඇති විජය තනිගසලම් සහ ගැරී ආනන්ද සංගරී වැන්නන්ගේ උත්සාහය සහ බලපෑම මත කැනඩා පාර්ලිමේන්තුවේදී මෙම යෝජනාව සම්මත වී තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment