මේ මාසයේ දින 11ට ඩෙංගු රෝගීන් 710ක් – වැඩිම පිරිස යාපනයෙන්

70

මෙම මස ගත වූ මුල් දින 11ක තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 710 දෙනකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම මාසයේ මුල් සතියේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 120කි. සෙසු රෝගීන්ගෙන් 93 දෙනකු මහනුවර දිස්ත්‍රික්කයෙන්ද, 79 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී තිබේ.

ඉකුත් නොවැම්බර් මාසයේදී දිවයිනෙන් වාර්තා වී තිබූ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3522ක් වන අතර එම සංඛ්‍යාවෙන් බහුතරය වන 568ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, 361ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හා 351ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ දිනවල පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමේ දැඩි අවදානමක් පැවතීම හේතුවෙන් තම නිවස, ගෙවත්ත, ආයතනය තුළ හා ඒ අවට පරිසරයේ පවතින ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වසංගත රෝග විශේෂඥවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment