චිකාගෝහි වෙඩි තැබීමට තරුණයෙක් අත්අඩංගුවට

341

පුද්ගලයන් 6 දෙනකු මරණයට පත් කරමින් 36 දෙනකු පමණ තුවාල ලැබූ ඉකුත් සඳුදා දින චිකාගෝ හි උප නගරයක් වන හයිලන්ඩ් පාර්ක් හි සිදුවූ පෙලපාළියකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයකු පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රොබට් ඊ ක්‍රිමෝ නැමැති අයෙකි. මොහුට එරෙහිව චෝදනා ගොනු කරන බව පොලිසිය පවසයි.

ක්‍රිමෝ හයිලන්ඩ් පාර්ක් තදාසන්න ප්‍රදේශයේ දිගු කලක් පදිංචිව සිටි අයකු යැයි සිතන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු වෙනත් නමකින් පෙනී සිටිමින් යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ තම මිතුරන් සමඟ

ගැවසෙන වීඩියෝ මිශ්‍රණයක් සහ පාසල් වෙඩි තැබීම් සහ තුවක්කු ප්‍රචණ්ඩත්වය සඳහන් කරන වීඩියෝ කිහිපයක් ද පළ කර ඇත.

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment