දසුන්ගේ නායකත්වයෙන් යුත් අවසන් සංචිතය අද ඇමැති අනුමැතියට

5227

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු 15 දෙනෙකුගේ සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරනු ලැබ ඇත.

එම සංචිතය අද (21 වැනිදා) ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීම පිණිස තේරීම් කමිටුව පෙරේදා රැස්වී සාකච්ඡා පවත්වා ඇති අතර ඊයේ පැවැති අවසන් සාකච්ඡාවලින් පසුව අදාළ සංචිතය තෝරාගෙන තිබේ.

සුපුරුදු පරිදි එම සංචිතයේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ලබන අතර උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරයි.

හිටපු නායකයෙකු අදාළ සංචිතයට ඇතුළත් කරන බව ප්‍රකාශ වූවද එවැන්නක් සිදු නොවූ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

එක් දින කණ්ඩායමේ ක්‍රිකට් නායක දසුන් ශානක, ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් විධායක කමිටුව ඊයේ පැවති අවසන් සාකච්ඡා සඳහා සහභාගී වී ඇත.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 05 වැනිදා සිට ඉන්දියාවේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය සඳහා සහභාගි වීමට මේ මස අවසානයේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment