මැච් බලන්න ටිකට් ගන්නවා නම් මෙන්න තැන්

255

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වන ප්‍රවේශපත්‍ර නිකුත් කරන දින සහ ස්ථාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

පන්දු වාර 50 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුස්සන් තේරීම වෙනුවෙන් පවත්වනු ලබන තරගාවලියට අයත් මෙම තරගාවලියේ සියලුම තරග මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

මෙම මස 25 වැනිදා සිට ආරම්භ වීමට නියමිත එම තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටුවා තිබෙන ප්‍රවේශ පත්‍ර කවුලුවෙන් පෙ. ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා කාලයේදී මිලදී ගැනීමේ හැකියාව පවතිනු ඇත. ඊට අමතරව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයෙන්ද එම ප්‍රවේශ පත්‍ර මිල දී ගත හැකි අතර එහිදී තරග පැවැත්වෙන දිනයන්හිදී හැර සෙසු දිනයන්හිදී පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා ක්‍රීඩාංගණය ඉදිරිපසදී ද තරග පැවැත්වෙන දිනයන්හිදී පමණක් බලගොල්ල, අභීත ක්‍රීඩාංගණයේදී පෙ. ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment