මත් ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට

291

කලහකාරී ලෙස හැසිරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් පිරිසක් කඩු 4ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර තිබේ.එහිදී කලහකාරීව හැසිරුණු සැකකරුවන් 8 දෙනෙකු හා සැකකාරියන් 3 දෙනෙකු කඩු 4ක් සමග පොලිස් භාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23ත් 35ත් අතර වයස්වල පසුවන අතර සැකකාරියන් අවුරුදු 26, 46 හා 47 වයස්වල පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment