සංචාරක බසයක් දුම්රියක ගැටේ

630

සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අලුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.අනතුරින් සංචාරකයින් දෙදෙනෙක් සුළු තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ දක්වා සංචාරකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් බව පොලීසිය පැවසීය.අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය මෙසේ අනතුරට මුහුණපා ඇත.චෙක් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත සංචාරකයින් පිරිසක් එක් හෝටලයකින් රැගෙන තවත් හෝටලයක සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යාමට යමින් සිටියදී අනතුර සිදුව තිබේ.අනතුරට ලක්ව ඇත්තේ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පස්වරු 9ට පිටත්වීමට නියමිත ගුවන් යානයකට රැගෙන යන සංචාරකයින් පිරිසක් බවද සඳහන් වේ.අනතුරෙන් බස් රථයේ පිටුපස කොටසට දැඩි හානි සිදුව ඇති අතර, දුම්රියටද හානි සිදුව තිබුණි. දුම්රිය රියදුරුගේ ඇසට සිදු වූ සුළු තුවාල හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment