‘සිකා’ යකා මෙහි එයිද?

704

දකුණු ඉන්දීය ප‍්‍රාන්තයක් වන කේරළ ප‍්‍රාන්තයෙන් ඩෙංගු මදුරුවන් විසින් පතුරුවන ‘සිකා’ වෛරස් ආසාදිතයන් 14 දෙනකු සොයා ගැනීමත් සමගම එම වෛරසය මෙරටටද පැමිණීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විශේෂඥයෝ පවසති. ඩෙංගු රෝගය පතුරුවන ‘ඊඩිස් ඊජිප්ටයි ’ ගැහැනු මදුරුවා මෙන්ම ‘ඊඩිස් ඇල්බොපික්ටස් ’ යන පිරිමි මදුරුවා හරහා මෙම වෛරසය පැතිරෙන බව ඔවුහු කියා සිටිති.

කේරළ ප‍්‍රාන්තයෙන් වාර්තා වී ඇති ‘සිකා’ වෛරස් ආසාදිතයන් 14 දෙනාම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් වන අතර එම වෛරසය ප‍්‍රථම වරට ආසාදනය වී ඇත්තේ 24 හැවිරිදි වියෙහි පසුවන ගැබිනි කාන්තාවකට බව අනාවරණය වී තිබේ. මෙම ආසාදිත කාන්තාව හිසරදය හා සමේ පළු දැමීම යන රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කර ඇත.

මෙම ආසාදිතයන් වාර්තා වීමත් සමගම කේරළය පුරා සිකා අවදානම් තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමට ප‍්‍රාන්ත රජය විසින් පියවර ගෙන තිබේ. මෙම වෛරස් ආසාදනය කුඩා දරුවන්ට වැළඳුණු විට ඔවුන්ගේ මොළය කුඩා වන බව හෙළි වී තිබේ. සිකා රෝගයේ රෝග ලක්ෂණ වශයෙන් උණ, හිසරදය, සමේ පළු දැමීම, සන්ධි වේදනාව, මාංශ පේශීන්ගේ වේදනාව හා ඇස් රතු වීම යනාදිය ඇති වන බව හඳුනාගෙන තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment