බිනර පෝදා බම්බලපිටිය වජිරාරාමයේ පිංකම් මාලාවක්

141

අදට (29) යෙදෙන බිනර පොහොය නිමිත්තෙන් බම්බලපිටිය සිරි වජිරාරාමයේ දී දවස පුරා පිංකම් මාලාවක් පැවැත්වේ. පෙ.ව. 6.00 ට සිල් සමාදන් කරවීම සහ සම්බුද්ධ පූජාව තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ සිදුකරන අතර පෙ.ව. 8.00 සිට 9.00 දක්වා ධර්මානුශාසනාව කොළොන්නාව පුරාණ රජමහා විහාරවාසී කටුවන්ගොඩ ධම්මින්න හිමිපාණෝ පවත්වනු ලබති. පෙ.ව. 9.00 ධර්මානුශසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කිරම අරියදේව හිමිපාණන් වහන්සේ පවත්වනු ලබන අතර පෙ.ව. 10.00 සිට 11.15 දක්වා භාවනාව, අනුශාසනාව සහ සම්බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී රාජාංගනයේ සීලවිමල හිමිපාණන්ද, ප.ව. 12.30 සිට ප.ව. 1.15 දක්වා සතිපට්ඨාන සූත්‍රදේශනාව සිරි වජිරාරාමාධිකාරී, සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂ කඹුරුගමුවේ මහානාඝ හිමිපාණෝ පවත්වති.

ප.ව. 1.15 සිට 2.30 දක්වා ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුගත හිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලබන අතර ප.ව. 3.00 සිට 4.00 දක්වා භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී විනයාචාර්ය, පිටිපන සාසනරතන හිමිපාණෝ සිදුකරති. ප.ව. 4.00 සිට ප.ව. 5.00 දක්වා ධර්මානුශාසනාව කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්නමානස හිමිපාණෝද, ප.ව. 5.00 සිට ප.ව. 6.00 දක්වා අටවිසි බුද්ධ වන්දනාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා සිදු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment