පියා පරීක්ෂා කිරීමට නොපැමිණි තරහට ව්‍යාපාරිකයා වෛද්‍යවරයාට පහර දීලා

98

ව්‍යාපාරිකයා අත්අඩංගුවට – වෛද්‍යවරයා රෝහලට

බේරුවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දුන් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලු‍ත්ගම, මොරගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කීය. සැකකාර ව්‍යාපාරිකයා පපුවේ අමාරුවකින් අසනීපව සිටින සිය පියාව මෝටර් රථයකින් පෙරේදා (25දා) රාත්‍රි රැගෙන බේරුවල ප්‍රාදේශීය රෝහලට පැමිණ තිබේ. පියාට අසාධ්‍ය බැවින් මෝටර් රථයට පැමිණ පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් කළ බවත්, වෛද්‍යවරයා එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණවී පහරදීම සිදුකර ඇති බව සැකකරුගේ ප්‍රකාශ ලබාදී ඇති බව පොලිසිය පවසයි.

පහරකෑ වෛද්‍යවරයා අතට ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති බවත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බේරුවල ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වයි.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment