කැපුම් තුවාල සහිත මිය ගිය දරුවාගේ ඝාතකයා?

569


මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට කැපුම් තුවාල සහිතව හමුවූ කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ස්ථානයේ තණකොළ කැපීමේ නිරතව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම කුඩා දරුවාගේ මළසිරුර ඊයේ සවස මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත සොයා ගනු ලැබීය.

හල්බරාව ප්‍රදේශයේ පදිංචි ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු 5යි මාස 6ක් වයසැති මෙම දරුවාගේ මළ සිරුර හමුවන විට ලේ ගලන තුවාල සහිතව තිබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment