දුම්රිය මැදිරිවලට යටකළ මිලියන 11564 අපතේ!

231

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා ඉන්දීය ණය ආධාර යටතේ මිලියන 11564 ක් වැයකොට දුම්රිය මැදිරි 160 ක් මිලදී ගෙන තිබුණ ද අපේක්ෂිත ව්‍යාපෘති අරමුණු කිසිවක් ඉටු කර ගැනීමට නොහැකි වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

දුම්රිය මැදිරි 160න් දුම්රිය මැදිරි 10ක් පමණ භාරගෙන අනිකුත් දුම්රිය මැදිරි 150 පරීක්ෂා කිරීමකින් තොරව ලබා ගැනීමට සුදුසු බවට නිර්දේශ කර තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මේ නිසා දුම්රිය මැදිරිවල නොයෙකුත් තාක්ෂණික ගැටලු මතු වී තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. දුම්රිය මැදිරිවල දිග, පළල හා උස ප්‍රමිතියට වඩා වැඩි කර තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

පිරිවිතරයේ සඳහන් ප්‍රමාණයට වඩා තුන්වන පන්තියේ ආසන 82ක්, දෙවන පන්තියේ ආසන 82ක් සහ වායුසමනය කරන ලද මැදිරිවල ආසන 70ක් වශයෙන් ආසන 234ක් අඩු වී තිබූ බව ද විගණන මගින් සඳහන් කර ඇත. එමෙන්ම පවත්වාගෙන යායුතු ධාවන වේගය පැයට කිලෝමීටර්

120 කි. පිරිවිතරයන්ට අනුව චක්‍රවල අවම අරය මීටර්

150 ක් වුව ද අංගණවල පවත්නා චක්‍රවල අරය මීටර් 90 ක් වීම හේතුවෙන් දුම්රිය වේගයෙන් ගමන් කරවීම දුම්රිය පීලිපැනීම හා අනතුරුවලට හේතු වන බව ද වාර්තාවේ සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment