ඉදිරි කාලගුණය

730

උතුරු අන්දමන් මුහුදු ආශ්‍රිතව වර්ධනය වෙමින් අඩු පීඩන තත්ත්වය නිසා සුළි කුණාටු තත්ත්වයක් මතුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එනිසා උතුරේ ධීවරයන් ධීවර කටයුතු වල යෙදීමේදී දැඩි අවධානයකින් පසුවන ලෙස ඉල්ලා සිටියි. බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන තත්ත්වය නිසා ඉදිරි දින කිහිපය තුළ වැසි සහිත කාලගුණයක් පැවතිය හැකි බව ද පවසයි. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් හි වැසි සහිත කාලගුණයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ අතර පවතින වැසි සහිත කාලගුණ මත කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට,ඉංගිරිය සහ පාලින්දනුවර යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් මතුවිය හැකි බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment