යොවුන් කොදෙව්වන්ට දැවැන්ත ජයක්

2224

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අතර තරග 03කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 195ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඊයේ (30 වැනිදා) අත්වූයේය.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 320 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 125ක් පමණි.

ඒ අනුව එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම කිරීමට කොදෙව් කණ්ඩායම සමත් වූයේය. කොදෙව්වන් වෙනුවෙන් ජෝර්ඩන් ජොන්සන් පන්දු 79කදී වේගවත් ශතකයක් (105) වාර්තා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment