පාර්ලිමේන්තුව – ආර්ථිකය හසුරුවන ඉහළ නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිය යුතුයි – රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි

155

රාජ්‍ය දේපළ විකුණන්නේ ආයෝජනයට නොවෙයි විකුණාගෙන කෑමටයි – අනුර කුමාර දිසානායක (ජාජබ)
බුදු බණින් පටන්ගත් අයවැය නාලාගිරි වෙලා අවසන් වුණේ අංගුලිමාලගෙන් – ඩලස් අලහප්පෙරුම (ශ්‍රීලපොපෙ)

දේශීය ආදායම්, රේගු හා සුරා බදු ඇතුළු ප්‍රධාන පෙළේ නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිය යුතු බවත් රටේ ආදායම අඩුවීමේ විෂම චක්‍රය තේරුම්ගෙන වහාම ඊට පිළියම් යෙදිය යුතු බවත් දේශීය වෛi රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවැසීය.

අයවැය පිළිබඳව හයවැනි දිනටත් ඊයේ පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

විවාදය ආරම්භ කරමින් කතා කළ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක (සජබ)

මේ අයවැයේ දිගුකාලීන යෝජනා සුන්දරයි ආකර්ෂණීයයි. ඒවා කොයි තරම් දුරට ප්‍රායෝගිකද කියන ප්‍රශ්නය තියෙනවා. කෘතිම බුද්ධිය සඳහා රුපියල් බිලියන 11 ක්. හිඟුරක්ගොඩ ගුවන් තොටුපළත් අලුතින් විශ්වවිiාල 4 ක් යෝජනා කරලා. බැලූ බැල්මට යෝජනා ආකර්ෂණීය වුවත් ජනාධිපතිට තියෙන්නේ තව මාස 10 යි. ඒ කාලය තුළ ඉඩම් වෙන් කිරීමවත් කරන්න පුළුවන් වෙයිද කියන සැකය තියෙනවා.

බදු ගැහිල්ල හමුවේ සිදුවන බුද්ධි ගලනය වැළැක්වීමට මේ ආණ්ඩුවට කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැති නිසා තිබෙන විශ්වවිiාලවලත් ඉන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලයකින් භාගයයි.

විශ්වවිiාලයක ගොඩනැඟිලි විතරක් නොවෙයි අවශ්‍ය ආචාර්ය මහාචාර්යවරු හදන්න ඕන. ඒවාට වසර දහයකට වඩා යනවා.

මෙවර අධ්‍යාපනයට සෞඛ්‍යට වඩා වැඩි මුදලක් ජනාධිපති එයාගේ අමාත්‍යාංශවලට වෙන් කරගෙන.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ (ශ්‍රීලපොපෙ)

අයවැය විවාදයෙන් සියයට 35 ක් පමණ වෙන් කර ඇත්තේ ක්‍රිකට් ගැන. තවත් සියයට 30ක්ම අධිකරණ තීන්දුවක් ගැන. තවත් සියයට 15 ක් පමණ කෝප් කමිටු සභාපති ගැන. ඉතුරු සියයට 20 කාලය පමණයි අයවැය ගැන කතා කළේ.

පසුගිය අයවැයේ ඉදිරිපත් වූ බොහෝ කාරණා මෙවර අයවැයෙනුත් ඉදිරිපත් වී තියෙනවා. එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ වලින් හා හැම ක්‍ෂේත්‍රයකින්ම බදු ගැනීම හා දේශීය වශයෙන් ණය ගැනීම මගින් රාජ්‍ය ආදායම සපුරා ගැනීමට යෝජනා කර තිබෙනවා. රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයත් ඊට ඇතුළත්. රැකියා ගම තුළ උත්පාදනය කිරීම, විදේශිකයෝ රටට ගෙන්වා ගැනීම ආයෝජන වැඩි කිරීමට මෙහි වැඩපිළිවෙළක් තියෙනවාද යන්න ගැටලුවක්.

බදු පැනවීම රටේ ජනතාවට දරා ගැනීමට නොහැකි වේවි. මේ යෝජනාවලියේ අයි. එම්. එෆ්. එකේ බලාපොරොත්තු වන ඉලක්කවලට යෑමට හැකිවේද යන ප්‍රශ්නයත් තියෙනවා.

මේ රටේ කිසිම ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය තීන්දු ගන්න බැරි තත්ත්වයකට අද තල්ලුවෙලා. බදු අඩු කළත් වැඩි කළත් වැරදි වෙන්න පුළුවන් ප්‍රතිපත්තිමය තීන්දුවක් අභියෝගයට ලක්වෙනවා නම් එය ප්‍රශ්නයක්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ (ශ්‍රීලපොපෙ)

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලියුම් යවලා ජනතාව රස්තියාදු වෙනවා. නිසියාකාරව රාජකාරි සිදුවන්නේ නෑ. ස්වාධීන වූ පලියට යුතුකම් හා වගකීම් නිසි අයුරින් ඉටුකරන්න බැරිනම් එය ආර්ථිකයට බලවත් පහරක්. ඒ වගේම පොලිස් සේවය මේ වනවිට විවිධ පැතිවලින් විවේචනයට ලක්වෙලා. පොලිසිවල වැරදි පත්තර පිටුපුරා පළවෙනවා. මේවාත් රටේ පැවැත්මට ප්‍රශ්නයක්.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි (සජබ)

බදු ගහන්නයි විකුණන්නයි පමණයි මේ ආණ්ඩුව දන්නේ. ඒ නිසයි රට විනාශයට පත්ව තියෙන්නේ. වකුගඩු, ආබාධිත, වැඩිහිටි දීමනා ගෙවීම හම්බන්තොට දිස්ත්‍රික්කයේ නතර වෙලා.

ජනවාරි සිට වැට් වැඩිවන විට රජයේ සේවකයන්ගේ පඩියෙන් කැපෙන ගාණත් වැඩිවෙනවා. ලක්‍ෂ 85 ක සාමාන්‍ය ජනතාවට ලැබෙන සහනයක් නෑ. ඩීසල්, පෙට්‍රල්, විදුලිය, ජල, ප්‍රවාහනය, ඉදිකිරීම් හැම ක්‍ෂේත්‍රයකම වැට් එක ජනවාරි වැඩිවෙනවා. විදුලිබිල දැනටමත් දරාගන්න බැහැ. කර්මාන්ත වැහේවි.

රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි

විවිධ පුද්ගලික සමාගම් හා විශාල ව්‍යාපාරිකයන්ගේ උපදේශන සේවා සපයන්නන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්මයි. විශ්‍රාම ගිය පසු ඔවුන් පුද්ගලික ආයතනවලට යනවා. බදු ගෙවීම වෙනුවට නිලධාරීන්ට මුදල් ගෙවා බදු වලින් ආයතන නිදහස් වෙනවා. සියල්ල දේශපාලනයට ලඝු කරලා නිදහස් කරන්න බෑ. විපක්‍ෂය කරන්නේම ඒකයි.

සමහර නිලධාරීන් මෙම එන සමහර බදු මුදල් තමන්ගේ ගිණුම්වලට දාගන්නවා. සියලු නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිය යුතුයි. ආදායම අඩුවීමේ විෂම චක්‍රය තේරුම්ගත යුතුයි.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම (ශ්‍රීලපොපෙ)

ජනාධිපතිගේ 2015 ආණ්ඩුක්‍රම තේමාව “2020 ණය නැති රටක්” යන්නයි. මෙවර අයවැයේ තේමාවත් “ණය මත නොදුවන ආර්ථිකයක්” යන්නයි. මේ දෙකේ වෙනස මොකක්ද? වෙනසක් තියෙනවා වෙනස ත්‍රෛලෝක විජයපත්‍ර හා කංසා අතර ඇති වෙනසයි. රාජ්‍ය ආදායමෙන් සියයට 65 ක් ණය පොලී ගෙවන්න අවශ්‍යයි. ඉතිරි වන්නේ සියයට 35 යි. පොලියට අමතරව ණය වාරික ගෙවන්න රුපියල් බිලියන 4261 ක් අවශ්‍යයි. මේවා ගෙවන්න කලින් මුදල් අච්චු ගැහුවා. අනිවාර්යෙන්ම 2024 ණය මත පිහිනන ආර්ථිකයක් බවට මේ මගින් පත්කරලා අවසන්. කාටද මේ බොරු කියන්නේ.

ජේ. ආර් ජයවර්ධන ජනාධිපති එක අමාත්‍යාංශයක්වත් තබා ගත්තේ නෑ. ඒත් 94 සිට හැම ජනපතිවරයකුටම මුදල් අමාත්‍යාංශය ළඟ තබාගැනීමේ රෝගයක් තිබුණා. ඇන්. ඇම්. පෙරේරා, රොනී ද මැල්, මුදල් ඇමැතිවරු හැර පත්වූ හැම මුදල් ඇමැතිවරයකුම නාමමාත්‍රිකයි. විද්වතුන් හදලා දෙනදේ ඉදිරිපත් කරනවා. අයවැය බුදු බණින් පටන් ගත්තත් මැදට යනවිට නාලාගිරි වෙලා. කතාව අවසානයේ අංගුලිමාල වෙලා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ)

ජනපති අයවැයේ කිව්වා අයවැය කොට්ට උරය කනපිට හරවා ගසන්නා සේ මේ ආර්ථිකය කණපිට හැරවිය යුතුයි කිව්වා. ගිය අයවැයෙත් මේ කතාවම කිව්වා. බැලුවහම දෙපාරක් කොට්ට උරය කණපිට හරවා දැන් තිබූ පැත්තම හැරිලා.

ආයෝජනයට කැඳවිය යුත්තේ ඩොලර් උත්පාදනය කර ගැනීමේ අරමුණ ඇතිවයි. නමුත් ශක්තිමත් විදෙස් ආයෝජන කැඳවීමේ සැලැස්මක් මේ අයවැයේ නෑ. මේ තියෙන්නේ විකිණීම පමණයි.

ආණ්ඩුව තීරණය කර තිබෙනවා ලංකා බැංකුවේ කොටස් වෙළෙඳපොළ තුළ විකුණන්න. 2022 ලාභය රුපියල් මිලියන 30297 යි. එහි කොටස් විකුණනවා කියන්නේ ලාභය ඩොලර් කරගෙන පිටට යනවා. මහජන බැංකුවේ ලාභය ගිය වසරේ රුපියල් මිලියන 21328 යි. මූල්‍ය ක්‍ෂේත්‍රයේ වැදගත් ආයතන රාජ්‍ය අංශයේ තබා ගත යුතුයි.

ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව විකුණන්නේ කුමන හේතුවකටද. ලාභය ගන්න අවශ්‍ය නම් නීති ගෙන ආ හැකියි. මේ ආයෝජන නොවෙයි විකුණාගෙන කෑමයි. ටෙලිකොම්, රක්‍ෂණ, ගුවන්තොටුපළ, රාජ්‍ය බැංකු රුපියල් වලින් ලාභ ලබන්නේ. විකුණුවහම රුපියල් ඩොලර් කරලා ආයෝජකයෝ රැගෙන යනවා. කිසිසේත් ආයෝජන නොවෙයි. ආයෝජන කැඳවිය යුතු තැන් තියෙනවා. ඒවාට ආයෝජන අවශ්‍යයි.

ජනාධිපති පුටුවේ ඉන්න සැලසුම් කරනවා විනා ගැඹුරු අර්බුදයට විසඳුම් නෑ. ආර්ථික කඩා වැටීමට වංචාව, දූෂණය හේතුවන බව හැමෝම දන්නවා. රනිල් ආණ්ඩුවට වංචාව දූෂණය නතර කිරීමට අඩුම කරමින් වැඩපිළිවෙළක්වත් නෑ. භාණ්ඩාගාරයට එන්න ඕන ධනය ගෙවල්වලට හැරෙව්වා.

බලශක්ති ක්‍ෂේත්‍රයේද නව පිම්මක් අවශ්‍යයි. දැවිතෙල් වලින් විදුලිය ඒකකයක් හදන්න රුපියල් 53 ක් යනවා. ඩීසල් වලින් හදන්න රුපියල් 73 ක් යනවා. ඉක්මනින්ම සියල්ල පරිවර්තනය කරන්න පුළුවන් එල්. එන්. ජී. බලාගාර බවට ඒ ධාරිතාව පරිවර්ථනය කර ගත්තොත් ඒකකයක් රුපියල් 28 කට නිපදවා ගන්න පුළුවන්.

සූර්ය පැනල මෙගාවොට් දාහක් වහල මත හදන්න පුළුවන්. තෙල් ගෑස් පර්යේෂණ සඳහා අලුත් පර්යේෂණ අවශ්‍යයි. පෙට්‍රල් ෂෙඩ් 250 ක් හදන්න සයිනොපෙක් වෙත දීම මේවාට විසඳුම් නොවෙයි. රට වගේ අටගුණයක මුහුදක් තිබ්බත් එහි ප්‍රයෝජන රටට අරගන්න කිසිම සැලැස්මක් නෑ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ (සජබ)

රාජ්‍ය සේවාව අර්බුදයකට ගිහිල්ලා. විධායකය, ව්‍යවස්ථාදායකය අර්බුද අධිකරණ ක්‍ෂේත්‍රයේත් ගැටලු. ජනතාවගේ පරමාධිපත්‍ය කුලුනු 3ම ප්‍රශ්න තිබෙනවා.

මත් වතුර ස්ටිකරය ඇතුළු ආදායම එකතු කරගැනීමේ ක්‍රමවේදයන් නිසි පරිදි සිදුවී නෑ. මේ මගින් ආදායම එකතුවෙන්නේ නෑ. දුම්කොළ හා මද්‍යසාර හඳුනාගෙන බදුකරණය සිදුවිය යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ)

අයවැයට ඉදිරිපත් වූ යෝජනා කතාවට පමණක් සීමා වෙලා. ගිය අයවැයෙන් ඉඩම් සහ වතුකරය ගැන යෝජනා ආවා. ක්‍රියාත්මක වුණේ නෑ. අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා අයවැයට පෙර සියලු බදු පනවූවා. මිල වැඩිකිරීම් කළා. විදුලිය, ජලය, ගෑස් බිල් වැඩිකළා. ජනවාරි 01 සිට සියයට 3කින් වැට් වැඩි වෙනවා. හැම භාණ්ඩයකම හා සේවාවකම මිල ඒ අනුව වැඩි වෙනවා.

සමස්ත ජනතාවටම ජීවත් වීමට හැකි බදු ක්‍රමයක් තිබිය යුතුයි. වැට් බදු වැඩි කිරීම ගැන යලි සලකා බලන්න සම්පූර්ණ බර අහිංසක ජනතාව පිට වැටිලා. මේ රට බංකොළොත් කළාට අධිකරණය එය ඔප්පු කළා.

පාර්ලිමේන්තුව අද (21දා) පෙරවරු 9.30 ට යළි රැස්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment