ක්ලැරන්ඩන් වත්තේ නව නිවාස 30 ක් ජනතා අයිතියට

51

ඉඳි කරන ලද අංග සම්පුර්ණ වතු නිවාස 30 ක් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පසුගිය(18)දා ජනතා අයිතියට පත් කරනු ලැබීය.

ඉතාමත් අඩු පහසුකම් සහිත පැල්පත් නිවාසවල ජීවත් වූ වතු කම්කරු පවුල් 30 ක් සඳහා එම නිවාස ප්‍රදානය කළ අතර එහි පානීය ජලය, විදුලිය, මාර්ග ආදී සියලු‍ම යටිතල පහසුකම්වලින් සමන්විත වේ. මෙම සියලු‍ම නව නිවාස සඳහා ස්ථීර තැපැල් ලිපියනයන් සහිත තැපැල් පෙට්ටියක්ද ස්ථාපිත කොට ඇති අතර, වතු යටිතල සංවර්ධන පහසුකම් අමාත්‍යංශය මගින් වතු නිවාස ඉඳිකිරීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදී ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන්, ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. රාජතුරෙයි, ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක ඒ.පී. ශක්තිවේල් යන මහත්වරුන් හා වතු නිවාසලාභීන් ඇතුළු වතු කම්කරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සිරිමන්ත රත්නසේකර = නුවරඑළිය, නානුඔය, ක්ලැරන්ඩන් වත්තේ

advertistmentadvertistment
advertistmentadvertistment