සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මේ වසරටත් එයි

127

“සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල” මෙවර ද පැවැත්වීමට සංවිධායකයන් වන අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගෙන තිබේ.

දේශීය පාසල් පද්ධතිය තුළ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ක්‍රීඩා දක්ෂතා දැක බලා ගැනීම හා ඇගයීම උදෙසා වාර්ෂිකව “සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල” ක්‍රියාත්මක කෙරේ. මලල ක්‍රීඩාවට අමතරව තවත් ක්‍රීඩා 30 කින් “සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල” සමන්විත වන අතර එහි අවසන් අදියර සඳහා සහභාගි කරවා ගැණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකතුව 35,000 කට ආසන්නය.

මෙවර ක්‍රීඩා උළලෙහි ජවන හා පිටිය ඉසව් සහිත මලල ක්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් මස 18, 19, 20, 21 සහ 22 දිනවල පැවැත්වේ. අවුරුදු 20 න් පහළ, අවුරුදු 18 න් පහළ, අවුරුදු 16 න් පහළ සහ අවුරුදු 14 න් පහළ යන වයස් සීමාවන් යටතේ බාලක සහ බාලිකා තරග ඉසව් එයට ඇතුළත් කොට තිබේ.

පසු ගිය වසරේ දී මෙන්ම මෙවර ක්‍රීඩා උළෙලට අයත් කණ්ඩායම් ක්‍රීඩා සහ බර පංති ක්‍රීඩා අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අංශය පියවර ගෙන තිබීම කැපී පෙනෙයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment