පාකිස්තානය 8 වැනි වරටත් ඉන්දියාවට පරදී

88

ඉන්දියාව සහ පාකිස්තානය අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පෙරේදා (14 වැනිදා) පැවති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 191 කට දවා ගනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

පාකිස්තානය ලබා දුන් එම ඉලක්කය පන්දු වාර 30.3 කදී ඉක්මවා යෑමට ඉන්දීය පිතිකරුවෝ සමත් වූ අතර තරගයේ වීරයා සම්මානය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාහ් ට හිමි විය.

මෙම තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්හි පැවැති 8 වන තරගය වූ අතර එම අවස්ථා 8 දීම ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දියාව සමත් වීම විශේෂත්වයකි.

ලකුණු සාරාංශය

පාකිස්තානය – ඕවර 42.5 කදී සියලු දෙනා දැවී ලකුණු 191

අබ්දුල්ලා ශෆීක් 20, ඉමාම් උල්හක් 36, බාබර් අසාම් 50, මොහොමඩ් රිස්වාන් 49, ජස්ප්‍රීට් බුම්රා 19/2, හර්දීක් පාණ්ඩ්‍යා 34/2, කුල්දීප් යාදව් 35/2, රවින්ද්‍ර ජදේජා 38/2, මොහොමඩ් සිරාජ් 50/2) ඉන්දියාව – ඕවර 30.3 කදී කඩුලු 3 ක් දැවී 192.

(රෝහිත් ශර්මා 86, ශුබ්මන් ගිල් 16, විරාට් කෝලි 16, ශ්‍රෙයාස් අයියර් නොදැවී 53, ලොකේෂ් රාහුල් නොදැවී 19, ශහීන් අෆ්රිඩි 36/2.

advertistmentadvertistment
advertistmentadvertistment