චීනෙන් ලැබුණු භූමිතෙල් ධීවරයන්ට බෙදාදීම අද

72

චීන රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරනු ලැබූ භූමිතෙල් මෙරට ධීවර ජනතාව වෙත අද (23දා) ලබාදීමට කටයුතු කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

මෙහිදී භූමිතෙල් භාවිත කෙරෙන ධීවර යාත්‍රා 26000 කට භූමි තෙල් ලීටර 150 බැගින් බෙදා දීමට නියමිතය.

ආරම්භක වැඩසටහන අද පානදුර ධීවර වරායේදී පැවැත්වෙන අතර ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය ඇමැතිනි පියල් නිශාන්ත සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වී. ෂෙන් යන මහත්වරුන් ඒ සඳහා එක්වීමට නියමිතය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment