නිපුණතාවෙන් පිරි පරපුරක් තමයි ඕන කරන්නෙ – බයියොයි ටොයියොයි කයියොයි එක්ක රට ගොඩදාන්න බැහැ – එක්සත් ජනරජ පෙරමුණ ජනගත කිරීමේ උත්සවයේදී එහි නායක පාඨලී චම්පික රණවක කියයි

151

ආර්ථික, දේශාපාලන, සමාජීය වශයෙන් ආගාධයටම ඇද දමා ඇති රට ගොඩනැගීම සඳහා බයියෝ..ටොයියෝ..කයියෝ.. තවදුරටත් රටට අවශ්‍ය නොමැති බවත් මේ මොහොතේ රට ගොඩනැගීමට අවශ්‍ය නිපුණතාවයෙන් පිරි පරපුරක් බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ඊයේ (22දා) කියා සිටියේය

නව දේශාපාලන බලයක් රටට අවශ්‍යය හෙයින් එක්සත් ජනරජ පෙරමුණ ගොඩනැගුණු බවද කී හෙතෙම සිය පක්ෂය සැමට විවෘත බව ඒ සඳහා පක්ෂ පාට ආගම් භේදයකින් තොරව සැමට ආරාධනා කරන බවත් සඳහන් කළේය.

රට ගොඩ නැගීම සඳහා ස්ථාවර රාජ්‍යය, ආර්ථික සමෘධිය, තිරසාර සංවර්ධනය, සමාජ සාධාරණත්වය සහ සමමිතුරු විදේශ ප්‍රතිපත්ති යන පංචවිධ ප්‍රතිපත්ති ඔස්සේ පුළුල් ගැඹුරු තිරසර විසඳුමක් ලබා දෙන බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කීවේය.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ඊයේ එම අදහස් පළකළේ එම පක්ෂය ජනගත කිරීමේ උත්සවය මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදීය. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජක වහන්සේලා, පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ඒ.එච්.එම්. ෆවුසි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, චන්න ජයසුමන, මනෝ ගනේශන්, ප්‍රේමනාත් දොලවත්ත, හිටපු කතානායක කරූ ජයසූරිය යන මහත්ම මහත්මීන් වෘත්තීය සමිති නායකයන් ඇතුළු බොහෝ පිරිසක් එක්වූහ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment