පුංචි සභා යළි කැඳවීමේ යෝජනාවට එරෙහිව පැෆරල් අද කරුණු කියයි

132

පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට එරෙහිව අද (11 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆරල් සංවිධානය පවසයි.

මෙම පනත් කෙටුම්පත මගින් පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට පැවසීය.

මෙය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් වුවද රජයේ ආශීර්වාදය ඇතිව සිදුකරන්නක් බවට පෙනී යන බවත් රජයේ උත්සාහය වී ඇත්තේ පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්දැමීම බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment