බටහිර බෙංගාලයේ ඡන්ද ගැටුම්:13ක් මරුට

336

බටහිර බෙංගාලයේ ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වෙන දින ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇත. මෙම ගැටුම් ඇතිව තිබෙන්නේ ඉකුත් සෙනසුරාදා (08දා) දිනයේය. මෙහිදී ඡන්ද පෙට්ටි ගිනි තබා එම නිලධාරීන්ට පහරදීම් මෙන්ම පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම්ද වාර්තා වී ඇත.

බටහිර බෙංගාලයේ පාලක පක්ෂය වන ත්‍රිනාමූල් කොංග්‍රසයේ සාමාජිකයන් හත් දෙනකු, කොමියුනිස්ට් පක්ෂයේ සහ කොංග්‍රසයේ සාමාජිකයන් දෙදෙනකු බැගින්, භාරතීය ජනතා පක්ෂ සාමාජිකයකුද මෙහිදී මරණයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයන් කපා කොටා, වෙඩි තබා හෝ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කර ඝාතනය කර ඇත. අවිගත් පුද්ගලයන් විරුද්ධ පාක්ෂිකයන්ට වෙඩි තබන අයුරු සමාජ මාධ්‍යවල පළ කර තිබිණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment