කොල්ලුපිටියේ කොල්ලයට පොලිස් දෙදෙනෙක් දැලේ

550

කොල්ලුපිටිය ප්‍රදේශයේ කෝටිපතියකුගේ නිවසට ගොස් ඔහුගෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පැහැරගෙන යෑමේ සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙදෙනාගෙන් හෙළිවූ තොරතුරු අනුව ඊට සම්බන්ධ වූයේ යැයි සැකකරනු ලබන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට තවත් උප පොලිස් පරීක්‍ෂකවරයකු පිළිබඳව ද පොලිසියට තොරතුරු ලැබී තිබේ.

මෙම සැකකරුවන් මෙසේ පැහැරගෙන ගිය මුදල්වලට අමතරව ඇමරිකන් ඩොලර් තොගයක් ්ද පැහැරගෙන තිබේ.

මීට අමතරව මෙම කෝටිපතියාගේ ගුවන් බලපත්‍රය මොවුන් විසින් රැගෙන ගොස් එය ආපසු ලබාදීමට ඔහුගෙන් රුපියල් කෝටි හතරක් ඉල්ලා ඇත. එම මුදල කෝටියක් දක්වා අඩුකර ගැනීමට එකඟතාවයකට පත්වීමෙන් පසු එම මුදල ලබා ගැනීමට යද්දි සැකකරුවන් පොලිසියේ රැහැනට කොටුවී ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment