සා/පෙළ අය වෙනුවෙන් හැඳුනුම්පත් අදත් වැඩ

28

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද (04 වැනිදා) දිනයේත් විවෘතව පවතී.

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් සඳහා පමණක් අද දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකළපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව පවතියි.

මේ වනතෙක් ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කළ ඉල්ලුම් පත් රැගෙන පැමිණිය යුතු බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment