රනිල්-බැසිල් සාකච්ඡාවක් අදත්

74

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (4දා) සවස 4.30ට මලලසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාවේදී පසුගිය මැයි දිනය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ. මීට පෙර දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ මහතා විසින් බලය බෙදීම සම්බන්ධයෙන් සහ පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙනස් බවත් ජනාධිපතිවරයා මහාසංඝරත්න සමඟත් ජාතික සංවිධාන සමඟත් වෘත්තීය සමිති සමඟත් සාකච්ඡා කිරීම වැදගත් බවත් කියා තිබේ.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment