බාල ඖෂධ මහ මොළකාර නිලධාරියා අත්අඩංගුවට ගනු – ජාතික රෝහල ළඟ විරෝධතා

233

බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියේ මහ මොළකරු බවට පැවසෙන නිලධාරියා ඇතුළු රාජ්‍ය නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (03දා) වෘත්තීය සහ සිවිල් සංවිධාන රැසක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරත වූහ.

අදාළ ඖෂධ මගඩිය හරහා රුපියල් බිලියන 1.5ක ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ගනුදෙනුවක් සිදුව ඇති බවත් පවතින තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම විෂමාධාර පාලනය කරගැනීමට හැකියාවක් නොමැති නම් එය ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමට ක්‍රියා කළ යුතු බවත් පවසමින් ඔවුහු මෙම විරෝධතාවේ නිරතව සිටියහ.

විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, සංජය මහවත්ත ඇතුළු සිවිල් ක්‍රියාකාරීහු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සුජිව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment