ඩයලොග් ආසිආටා ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා ලෙසින් ආයෝජන මණ්ඩලයෙන් පිදුම් ලැබූ වගයි

76

ජාතික ආර්ථිකයේ සංවර්ධනය සහ වර්ධනය සඳහා එහි දායකත්වය පිළිගනිමින්, ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, විශාලතම ඍජු විදේශ ආයෝජකයා ලෙස ආයෝජන මණ්ඩලය ((BOI) විසින් පිළිගනු ලැබීය. ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සර උළෙලේදී පිරිනැමුණු මෙම ගෞරවනීය සම්මානය, මේ දක්වා ඩොලර් බිලියන 3.25ක ආයෝජනයක් සමගින් රටේ විශාලතම ඍජු විදේශ ආයෝජකයා ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යෑමට

ඩයලොග්හි නොසැලෙන කැපවීම අවධාරණය කරයි. මෙම වැඩසටහන ඔස්සේ ගෝලීය වෙළෙඳපොළ හමුවේ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් සමාගම්, නවෝත්පාදන හැකියාව විදහා දක්වන සමාගම් මෙන්ම, ගෝලීය වෙළෙඳ පොළ තුළ කඩිනමින් පියවර තබන සමාගම් ද පිළිගැනීමට පාත්‍ර කෙරේ. මෙරට සමාගම් 30 ක් ඇගයීමට පාත්‍ර කෙරුණු සම්මාන උළෙල, ඉකුත්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර, ඍජු විදේශ ආයෝජන මෙන්ම, අපනයන කාර්ය සාධනය හා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය කෙරෙහි එම සමාගම් විසින් දක්වන ලද දායකත්වය එහිදී ඇගයීමට ලක් කෙරිණි. ඩයලොග් වෙත මෙලෙස සම්මාන හිමි වීම පිළිබඳව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා මෙලෙසින් සිය අදහස් පළ කළේය. “ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා විදිහට ඩයලොග් ආසිආටා සමාගම වගේම, එම සමාගම රටේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් දක්වන දායකත්වය ඇගයීමත් සතුටට කාරණයක්. (BOI) සම්මාන මගින් ඇගයීමට ලක් කෙරෙන්නෙ සමාගම් සතු සාමූහික ඔරොත්තු දීමේ හැකියාව වගේම, අභිලාෂයයි. ඩයලොග් හිමි කරගත් මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙලෙස පැවසීය. “ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් මෙවැනි සම්මානයක් හිමිවීම අපගේ සතුටට කාරණයක්. රට තුළ සැලකිය යුතු ආයෝජන සිදු කරමින් ශ්‍රී ලංකාව තරගකාරී ආර්ථිකයක් කරා රැගෙන යෑමට අප දක්වන කැපවීම සහ රට තුළ නවෝත්පාදන හා සංවර්ධනය වෙනුවෙන් උත්ප්‍රේරකයක් වශයෙන් අඛණ්ඩව ඉදිරියට යෑම සඳහා වන අපගේ ප්‍රතිඥාවත් මේ තුළින් විදහා දැක්වෙනවා” යයි කීය.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් සම්මානය ලබා ගත් අවස්ථාව. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය

advertistmentadvertistment
advertistmentadvertistment