වීඩියෝවකට එරෙහිව යුද හමුදාපති උසාවි යයි

237

සිය චරිතයට අපහාසයක් වන ආකාරයෙන් වීඩියෝ පටයක් නිර්මාණය කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර කීර්තිනාමයට හානි කළ සිව්දෙනකුට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

නීතිඥ එම්.කේ.එම්. ෆර්ෂාන් මහතා මඟින් ගොනු කළ එම නඩුව අද (09දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේදී කැඳවීමට නියමිතය. එම නඩුවේ සැකකරුවන් ලෙස විතානගේ සාලිය කුමාර රණවක නමැත්තාත් ඇමෙරිකාවේ යූටියුබ් නාලිකාවක් හා ගූගල් සමාගමක් නම් කර ඇත. තමාගේ කීර්තිනාමයට හානිවන අයුරින් නිර්මාණය කර අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන එම වීඩියෝ පටය තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසටත් යුද හමුදාපතිවරයා ගොනු කළ එම පුද්ගලික පැමිණිල්ල මඟින් ඉල්ලා තිබේ.

මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ එම පැමිණිල්ල ගොනු කර ඇත.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment