එන්නත් කාඞ් එක නැත්නම් අද සිට දුම්රිය තහනම්… ලොකුගේ කියයි

350

විවිධ පළාත්වල සිට දුම්රියෙන් කොළඹට පැමිණෙන සෑම මගියෙකුටම අද (13 දා) සිට අනිවාර්යයෙන්ම එන්නත් සහතිකය මෙන්ම ආයතනයෙන් කැඳවූ ලිපිය (පිටපත* සම`ග හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු යැයි ප‍්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා ‘දිවයින’ ට කියා සිටියේය.

 

එන්නත් කාඞ් එක නැත්නම්  අද සිට දුම්රිය තහනම්... ලොකුගේ කියයි

මෙම කොරෝනා එන්නත ශරීරයට අහිතකර ම`ගීන් සිටි නම් ඊට අදාළ වෛi සහතිකය ඉදිරිපත් කළ යුතුව ඇතැයි ද හෙතෙම කියා සිටියේය. බොහෝ දෙනෙක් රටේ පැතිරී ඇති කොරෝනා තත්ත්වය ගැන නොසලකා සමහරු සාප්පු සවාරි මෙන්ම විවිධ හේතූන් සඳහා දුම්රියෙන් කොළඹට පැමිණෙන බව ද ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

 අගනුවර ආයතනවල සේවය කරන සමහර ම`ගීන් ගාල්ල, කළුතර, පානදුර, ගම්පහ, මීරිගම, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, හලාවත, පුත්තලම, මාදම්පේ සිට පවා දුම්රියෙන් මෙසේ කොළඹට පැමිණෙන බව ද ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.

 දුම්රිය මැදිරි පරීක්ෂකවරුන්ට පවා හදිසියේ ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුවහොත් මෙම සහතික පිටපත් සහ හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට දුම්රිය ම`ගීන් සූදානම් විය යුතු යැයි ද ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment