සකිබ් ගේ තැනට නබී එබෙයි

890

වසර පහක් පුරා එක් දින තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගෙන සිටි බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සහ හිටපු නායක සකිබ් අල් හසන් ට එම ස්ථානය අහිමි කරමින් ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි එහි පෙරමුණට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත නබි එම ස්ථානය හිමිකර ගෙන ඇති අතර ඒ අනුව පළමු තැන අහිමි වූ සකීබ්ට එහි දෙවන ස්ථානයට පත් වීමට සිදු වී ඇත.

එම සටහනේ තෙවැනි ස්ථානය සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසාට හිමිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment