පකිස්තානයට කඩුලු 9ක ජයක්

289

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස 19 න් පහළ කණ්ඩායම අතර පාකිස්තානයේ කරච්චි නුවරදී පැවැති තෙදින තරගයෙන් කඩුලු 9 ක පරාජයක් ශ්‍රී ලංකාවට උරුම වූයේය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 204 කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වූ අතර ඒ අනුව ඉනිමක පරාජයකින් ගැලවීම සඳහා ශ්‍රී ලංකා යොවුන් පිලට පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමට සිදු විය.

එහිදී ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම ලකුණු 236 කට සීමා වූ අතර ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 8 එක් කඩුල්ලක් දැවී ඉක්මවා යෑමට පකිස්තානය සමත් වූයේය.

පාකිස්තාන යොවුන් කණ්ඩායම පළමු ඉනිම – කඩුලු 9 ක් දැවී 433

අසාන් උවයිස් 104, ශාසයිබ් ඛාන් 161, සාද් බේග් 68, මල්ෂ තරුපති 75/3, රවිෂාන් පෙරේරා 44/2, විහස් තෙව්මික 105/2)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු ඉනිම – සියලුදෙනා දැවී 204

සිනෙත් ජයවර්ධන 38, පුලිඳු පෙරේරා 65, හිරාන් ජයසුන්දර 22, මල්ෂ තරුපති 23, මොහොමඩ් ඉබ්ටිසම් 37/3, අයිමාල් ඛාන් 47/3, අර්ෆට් මින්හාස් 31/2

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 236 පුළිඳු පෙරේරා 50, සිනෙත් ජයවර්ධන 52, රවිෂාන් ද සිල්වා 24, විශ්ව ළහිරු නොදැවී 29, රවිෂාන් පෙරේරා 22, මොහොමඩ් ඉස්මයිල් 18/2, මොහොමඩ් ඉබ්ටිසම් 20/2, අලී අස්ෆන්ඩ් 54/2, නවීඩ් අහමඩ් 61/2)

පාකිස්තාන යොවුන් කණ්ඩායම දෙවැනි ඉනිම – කඩුල්ලක් දැවී ලකුණු 9 යි.

advertistmentadvertistment
advertistmentadvertistment