බාලවයස්කාර දැරිය ගැබිනියක කළ පෙම්වතා අත්අඩංගුවට

99

පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබිනියක් බවට පත්කළ ඇයගේ පෙම්වතා ස්ත්‍රී දූෂණ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත්බැව් අහංගම පොලිසිය පවසයි.

බාලවයස්කාර දැරිය ගාල්ල ප්‍රදේශයේ පාසලක 10 වසරේ ඉගෙනුම ලබන අතර ඇය වසර දෙකක පමණ කාලයක සිට තම පෙම්වතා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බැව් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකාර පෙම්වතා කරාගොඩ ප්‍රදේශයේ පදිංචි 22 වියේ පසුවන අයෙකි. ප්‍රේම සම්බන්ධතාවය ගොඩනැගීම හේතුවෙන් පෙම්වතා නිවසට යාම් ඒම් සිදුකොට ඇත. මෙම වර්ෂයේ ජුනි මස 24 වැනි දින දැරියගේ උපන්දිනය යෙදී තිබී ඇත. එදින පෙම්වතා දැරියගේ නිවසට පැමිණ තිබේ. දැරියගේ මව වෙළෙඳසලකට ගොස් සිටියදී මෙම දැරිය හා පෙම්වතා අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවට අනාවරණය වී ඇත.

දැරියගේ අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් දැරියගේ මව දැරියට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාතර රෝහලට ගොස් ඇත. රෝහලේදී දැරිය ගැබිනියක් බවට හඳුනාගෙන ඇත. මේ පිළිබද අහංගම පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් විමර්ශනයක් සිදුකොට දැරියගෙන් හා සැකකාර පෙම්වතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. අහංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment