නිතර නිතර කසිප්පු අල්ලන නිසා ගලේවෙල පොලිසියේ සැරයන්ට පහර දීලා

80

පොලිසියෙන් පැන නිතර නිතර කසිප්පු වැටලීම් සිදුකරන නිසා ගලේවෙල පොලිසියේ දූෂණ මර්දන අංශයේ සැරයන්වරයකුට පුද්ගලයන් දෙදෙනකු විසින් අතින් පයින් පහරදෙනු ලැබීම නිසා එම සැරයන්වරයා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ සැරයන් ක්‍රිෂාන්ත මහතාය. මෙම සැරයන්වරයා රැකියාව අවසන් කර නිවසට යමින් සිටියදී මෙම පහරදීම සිදුකර තිබේ.

දඹුල්ල පොලිසියේ ප්‍රකාශකයකු පැවසුවේ මෙම සැරයන්වරයා ප්‍රදේශයේ මත්කුඩු, කසිප්පු මෙන්ම නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව නිතර නිතර වැටලීම් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවයි.

මෙම පහරදීම සිදුකළ සැකකරුට එරෙහිව මෙම සැරයන්වරයා කසිප්පු වැටලීම් ගණනාවක්ම සිදුකර නඩු ගණනාවක්ම පවරා තිබීම නිසා සැකකරු සැරයන්වරයා පිළිබඳව කෝපයෙන් පසුවූ බව දැනගැනීමට ලැබී ඇතැයි පොලිසිය කියයි.

මෙම පහරදීම සිදුකළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැරයන්වරයා පොලිසියට දී තිබෙන කටඋත්තරය අනුව මුලින්ම පහරදුන් පුද්ගලයා සැරයන්වරයාට පවසා ඇත්තේ ‘උඹෙන් අපිට හරිම කරදරයි’ කියමින් මෙසේ පහරදී තිබේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment