ලෝක විනාශයක පෙර නිමිති පහළ වී ඇති බවක් ගැන බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වී ඇත. හදිසියෙන් 2020 වර්ෂයේ මුල් මාස තුන තුළ චීනයෙන් මතුවුණ කොවිඩ් 19 වෛරසයෙන් ලෝකයේ රටවල් රාශියක් මෙම රෝගයට ලක්විය. මරණ ලක්ෂ ගණනක් වාර්තා වී ඇත. දිනපතාම මෙම තත්ත්වය ඉහළ යමින් පවතී. මෙම වෛරසය සඳහා කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් මේ තාක් සොයාගෙන නැති නිසා මෙම රෝගයේ ව්‍යාප්තිය වීම දිනෙන් දින ඉහළ යෑමක් දක්නට ලැබේ.

අද සියලුම ලෝක බලවතුන්ගේ ගෝලීයකරණයේ දියුණු විද්‍යාව පිළිබඳව මේතාක් උදම් අනාගෙන සිටි නමුත් ලෝක ජනතාවම අද අසරණ වී ඇත. මේ තත්ත්වය පිළිබඳව උදාහරණ දක්වන ලෝකයේ එකම ආගම බෞද්ධාගම බව පැහැදිලිය. බොහෝ දෙනෙක් නොදැන හෝ දැනගෙන සිටීමට පුළුවන. ලෝක විනාශය පිළිබඳ පුරාණ ධර්ම ග්‍රන්ථවල අඩංගු කරුණු රාශියක් පෙන්වාදී ඇත. මේ තත්ත්වයෙන් මිදීමට නම් භාවනාවෙන් දියුණු කළ සිතක් වාගේම නිවුණා වූ සිත්වලට පමණක් පිළියම් සොයාගත හැකිවනු ඇත. නමුත් මෙම කාර්ය පහසු එකක් නොවනු ඇත. කළ යුත්තේ සිත, කය, වචනය හසුරුවා ගැනීමත් ධර්මානුකූල ජීවිතයට හැඩගැසීමත් පමණය. පළමුවෙන්ම විමසා බැලීම සඳහා කල්ප පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුය. අන්තඃ කල්පය, අසංඛ්‍ය කල්පය, මහා කල්පය යැයි කල්ප තුනක් බුදුදහම මගින් හඳුන්වා දෙයි.

ලෝක විනාශය කල් යයිද?

අන්තඃ කල්පය මනුෂ්‍යයාගේ පරමායුෂ ක්‍රමක්‍රමයෙන් දස වර්ෂය දක්වා අඩුවෙමින් යයි. එවැනි කාල තුළ රෝගවලින්, ආයුධවලින් ආහාර හිඟවීමෙන් බොහෝ මනුෂ්‍යයන් සත්ත්වයන් විනාශයට පත්වනු ඇත. නැවත සුචරිතයෙහි යෙදෙන මනුෂ්‍යයාට ආයුෂය අසංඛ්‍යයක් දක්වා වැඩි කර ගනී. නැවත වාරයක් දුසිරිතයට මනුෂ්‍යා හැරීම නිසා ආයුෂ පිරිහීමට පත්වනු ඇත. දස වර්ෂය දක්වා එම ආයුෂ ද අඩු වෙයි. මෙසේ දස වර්ෂයෙන් වැඩි වී නැවත දස වර්ෂය දක්වා අඩු වෙමින් යයි. මෙම අන්තඃ කල්පය අවසානය වන විට බොහෝ සත්ව කොටස් විනාශ වී යයි. සත් වරක් රෝගවලින් ද එක් වරක් ආයුධවලින් ද මෙසේ ක්‍රමානුකූල විනාශය ආරම්භ වී හැට හතර වන වතාවේ ආහාර හිඟයකට මුහුණ දීමෙන් මෙම අන්තඃ කල්පය විනාශ වනු ඇත.

අසංඛ්‍ය කල්පය

අසංඛ්‍ය කල්පය කල්ප සතරකින් සමන්විත වෙයි. 1. විවර්ත – හටගනිමින් මෙම කාලය පවතී. 2. විවර්ත ස්ථායි – හටගෙන පවත්නා කාලයයි. 3. සංවර්තී – විනාශ වෙමින් පවත්නා කාලයයි. 4. සවර්ත ස්ථායි – විනාශ වී පවතින කාලයයි.

මේ කල්ප හතර එකතු වීමෙන් මහා කල්ප හතරක් සෑදෙයි.

මහා කල්ප විනාශය

මහා කල්ප විනාශය ආරම්භ වීමෙන් සියලුම ජීවීන් හා ජීවීන් වාසය කරන භූමිත් විනාශ වී යනු ඇත. එම විනාශය ජලයෙන්, ගින්නෙන් වාතයෙන් ද පළමු වාරය සත් වාරයක් ගින්නෙන්ද, අට වන වාරය ජලයෙන් ද මෙලෙසින් අවසන් වන වාර හැට හතරකින්ද විනාශ වී අවසාන වාරය වාතයෙන් විනාශ වීම සිදුවෙයි.

ගින්නෙන්

ගින්නෙන් මහා කල්ප විනාශ වෙන විට සතර අපාය මනුෂ්‍ය ලෝකය, සදෙව්‍ය ලෝක, ආභස්සර ලෝකයෙන් යට ඇති බ්‍රහ්ම ලෝක සියල්ල ද විනාශ වනු ඇත.

ජලයෙන්

ජලයෙන් මහා කල්ප විනාශ වෙන විට සතර අපාය මනුෂ්‍ය ලෝක සදිව්‍ය ලෝක සුභකින්නයෙන් යට ඇති බ්‍රහ්ම ලෝක සියල්ලම විනාශ වනු ඇත.

වාතයෙන්

වාතයෙන් මහා කල්ප විනාශ වෙන විට සතර අපාය මනුෂ්‍ය ලෝක සදෙව්‍ය ලෝක වේහප්ඵලයෙන් යට ඇති බ්‍රහ්ම ලෝක සියල්ල ද විනාශ වන ආකාරය කල්ප විනාශයේ දක්වයි.

ලෝකය ඇතිවීම පැවතීම, විනාශ වීම කාලානුරූපව යම් ධර්මතාවයක් අනුව සිදුවෙයි. ලෝකයේ ආරම්භ වීමෙන් පසුව සිදුවන විශාලතම මෙන්ම සහ අවසාන වීම විනාශයකින් කෙළවර වෙයි. මනුෂ්‍ය කල්ප දහහතර අවසන දී සිදුවන විනාශ වීමෙන් පසු තත්ත්වය හඳුන්වන්නේ අව්‍යක්තය නමිනි.

සූර්ය සිද්ධාන්තවලට අනුව යමින් සොයා යෑමේදී ලෝකයේ ආයුෂ ගත් කල මනුෂ්‍ය කල්පය දහහතරකි. මනුෂ්‍ය කල්ප දහහතර අවසානයේ රාශි චක්‍රය නැකත් වළල්ල සෞරග්‍රහ මණ්ඩලය යන මේ සියල්ලම විනාශයට පත්වේ. විනාශ වීම හඳුන්වන කල ස්වභාවය වෙනස් කරයි. පඨවි තේජස් වායු වශයෙන් පවතින සියලු දේම ආකාශ භූතය බවට නිර්මානය වෙයි, ලෝකයේ ආරම්භයත් පසුව සිදුවන මෙය මහා විනාසයයි. මේ අයුරින් විනාශ වූ පෘථිවි තලය නැවත අලුතින් ගොඩනැගීමට, වර්ෂ ලක්ෂ ගණනක් ගතවනු ඇත. පෘථිවියේ ආයුෂ ගත් කල මනුෂ්‍ය කල්ප දහහතක් බව දත යුතුයි.

මනුෂ්‍ය කල්ප දහහතරක් ගත කළ ප්‍රමාණයෙන් අඩු කිරීමෙන් අඩු කිරීමෙන් ඉතිරි වන්නේ මනුෂ්‍ය කල්ප හතක් හා මහා යුග හතළිස් තුනක් කලියුග වර්ෂවලින් ගත් කල වර්ෂ 426989 ක කාලයක් මේ මහා පෘථිවියේ ආයුෂ ඉදිරියට ඉතිරිව ඇති බව පෙනී යයි.

මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමෙන් පසුව අපට පෙනී යන්නේ ක්‍රි.වර්ෂ 2099 දී පමණ රාශි අන්තර් යුග විනාශයක් සිදුවන බවයි. එයට මහා එවැනි විනාශයක් නැති වුණත් යම් යම් විනාශයන් මේ කාලයන් තුළ සිදුවීමට ඉඩ තිබේ. සුනාමි වැනි මුහුද ගොඩගැලීම්, ගිනි කඳු පිපිරී යෑම්, කොවිඩ් 19 වැනි වෛරස් රෝග, මහා ජල ගැලීම් මහා සුළි සුළං, මුහුදේ ග්ලැසියර දියවීම, දැඩි නියඟයන්, ග්‍රහයන්ගේ විෂමතා ආදී ජනතාව විනාශ කරවන දේ මේ කාලය තුළ සිදුවීමට ඉඩ තිබෙනවා. මේ තත්ත්වවලින් මිදී යෑමට මනුෂ්‍යයන්ට පුළුවන්කමක් තිබේ. විදර්ශනා භාවනා වැඩීම සහ ධර්මානුකූල දිවියක් ගත කිරීමෙන් මෙම තත්ත්වයන් සමනය කිරීමට හැකියාව පවතී. තවම බුද්ධෝත්පත්ති කාලයක් බව අප අමතක නොකළ යුතුයි.

ලෝක විනාශය කල් යයිද?

කීර්ති ශ්‍රී ලංකා පුත්‍ර
දේශකීර්ති දේශශක්ති, ජ්‍යොතිෂ විද්‍යා විශාරද
ආර්. එම්. කරුණාරත්න
077 843 3319 / 071 980 3146

advertistmentadvertistment
advertistmentadvertistment